Gossips

කාලි මෑණියන් ඉදිරිපිටදී අනියම් බිරිඳ මැරූ සැකකරු දැලේ

කැලණිමුල්ල ප්‍රදේශයේ දේවාලයක කාලි මෑණියන්ගේ ප්‍රතිමාවක් ඉදිරිපිටදී බෝතල් කටුවකින් ඇන දෙදරු මවක් ඝාතනයක් කළ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි හංවැල්ල – පහත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි වාර්තා වන්නේ.
සැකකරු ඝාතනයට ලක්වූ කාන්තාවගේ අනියම් පුරුෂයා බවයි පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ කිරිඳිවැල පැපිලිවල වේරහැර පදිංචිව සිටි කාන්තාවකි.
ඇය ග්‍රාමාරක්‍ෂක නිලධාරියකු සමග විවාහවී සිට ඇති අතර පසුව එම ග්‍රාමාරක්‍ෂක නිලධාරියා ඇයගෙන් වෙන්වී වෙනත් විවාහයක් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
අනතුරුව මියගිය කාන්තාව සහ අදාළ සැකකරු අතර අනියම් සම්බන්ධතාවයක් ඇතිව තිබෙනවා.
සැකකරු විසින් එම කාන්තාව විවිධ අවස්ථාවලදී හෝටල්වලට රැගෙන ගොස් සිය ආශාවන් ඉටුකරගෙන ඇති බවයි මූලික පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.
ඝාතනය සිදුවූ දින ඇය කැලණිමුල්ල හෝටලයකට රැගෙන ගොස්ඇති සැකකරු තම ආශාවන් ඉටුකරගැනීමෙන් පසුව ඔහු ඇයව දේවාලයකට රැගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
ඝාතනයෙන් පසුව සැකකරු අදාළ කාන්තාව වතුර වළක ගිල්වා ඇතිබවයි වාර්තා වන්නේ.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.