ලෝකයේ මේ දිනවල සිදුව ඇති කාලගුණ වෙනසට හේතුව ඉහළ අහසේ දිස්වන ග්‍රහයින් 5 දෙනෙකුගේ පෙළ ගැස්ම බව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා පවසනවා.
ඒ හේතුවෙන් ඉහළ වායුගෝලයේ කැළඹීමක් ඇතිව තිබෙන අතර, මේ හේතුවෙන් ලෝකයේ බොහෝ ප්‍රදේශවලට මෙවැනි කාලගුණික වෙනස්වීම් ඇතිවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මේ දිනවල බස්නාහිර අහසේ සිකුරු, බ්‍රහස්පති, සෙනසුරු, අඟහරු සහ බුධ ග්‍රහයින් මෙලෙස එක පෙළට දිස්වන බව සඳහන් කළ ඔහු කියා සිටියේ ඒවායේ ගුරුත්ව තරංගවල බලය හේතුවෙන් මෙම කාලගුණ වෙනස සිදුව ඇති බවයි.
මෙම ග්රහයින්ගේ පෙළ ගැස්ම පවතින තාක් එම කාලගුණ වෙනස පවතින අතර, එම කාලසීමාව මේ වනවිට ගණනය කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.