Gossips

කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක්

පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අද (24) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අද පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම දිවයිනේ උතුරු අර්ධයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට පැයට කිලෝමීටර් 40ත්, 45ත් අතර තරමක තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
.