Gossips

කාලගුණය ගැන ගොවි ජනතාව දැනුම්වත් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

රටේ පවතින කාලගුණික තත්ත්වයන් පිළිබඳ අවබෝධයෙන් යුතුව ජලාශවල පවතින ජල මට්ටම නිසි අයුරින් කළමනාකරණය කර ගනිමින් ඉදිරි වගා සැලසුම් සකස් කර ගැනීමට ගොවි ජනතාව දැනුවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධිපතිවරයා බව ප්‍රකාශ කර ඇත්තේ අද (21) පෙරවරුවේ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.
එමෙන්ම මහවැලි ගොවි ජනතාවට කඩිනම් ප්‍රතිලාභ සැලසෙන අයුරින් ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවයද ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කර තිබෙනවා.
මහවැලි අධිකාරියට අයත් භාවිතයට නොගන්නා ගොඩනැගිලි නිසි ක්‍රමවේදයකට අනුව සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා ලබාදීමට කටයුතු කරන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත්තේ.