Gossips

කාලගුණය උණුසුම් වෙන්න හේතුව

දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණික තත්ත්වය ඉදිරි මාසය තුලදීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයිනට ඉහලින් සුර්යා මුදුන් වීමත් සමඟ තාපය අධික වීම හේතුවෙන් වායුගෝලයට එකතුවන ජල වාෂ්ප ප්‍රමාණය ඉහළ යාම, මෙම කාළගුණ තත්ත්වයට හේතුව බවයි එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක ප්‍රකාශ කළේ.