Gossips

කාර්යාල කාර්ය සහයිකාවගේ වංචාව

රජයේ ව්‍යාපෘතියක් හරහා සහන මිලට ට්‍රැක්ටර් රථ හා ගොයම් කපන යන්ත්‍ර ලබා දෙන බව පවසමින් තණමල්විල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කාර්යාල කාර්ය සහයකවරිය රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකර තිබෙනවා.
අද සී.අයි.ඒ අනාවරණය එම මහා පරිමාණ වංචාව පිළිබඳවයි.
තණමල්විල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කාර්යාල කාර්ය සහයකවරිය ලෙස කලක පටන් සේවය කලේ ටී.කේ.ඉනෝකා නම් කාන්තාවක්.
මෙම කාර්යාලයේ මධ්‍යස්ථාන භාරකාරු ලෙස ද පෙනී සිට ඇත්තේ ඇයයි.
සේවා ලබාගැනීමට මෙහි පැමිණෙන ජනතාවට ඇය පවසා ඇත්තේ රජයේ ව්‍යාපෘතියක් හරහා සහන මිලට කෘෂි යන්ත්‍ර ලබා දිය හැකි බවයි.