Gossips

කාර්මික නිෂ්පාදනයේ සුළු පහත බැසීමක්

මේ වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට කාර්මික නිෂ්පාදනය සුළු වශයෙන් පහත වැටීමක් පෙන්නුම් කරනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2017 සැප්තැම්බරයේ 107.7 ක් වූ කාර්මික නිෂ්පාදන දර්ශකය මේ වසරේ සැප්තැම්බරයේ 106.9 ක් ලෙස සටහන් වන බවයි.
කෙසේ නමුත් මෝටර් රථ සහ ට්‍රේලර් නිෂ්පාදන, ආභරණ, රෙදි සහ බීම වර්ග නිෂ්පාදනය සැප්තැම්බර් මාසයේ කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා.
එමෙන්ම දුම්කොළ හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන, කඩදාසි හා කඩදාසි ආශ්‍රිත නිෂ්පාදන මෙන්ම විදුලි උපකරණ නිෂ්පාදනයද සැප්තැම්බර් මාසයේ කැපී පෙනෙන අඩුවීමක් සළකුණු කරන බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.