Gossips

කාර්මික දෝෂයකට ලක්වූ විදේශීය රුවල් යාත්‍රාවක් ගාල්ල වරායට (ඡායාරූප)

ත්‍රිකුණාමලයේ සිට අයිස්ලන්තය බලා ගමන් කරමින් තිබූ ප්‍රංශයට අයත් රුවල් යාත්‍රාවක් මුහුද මැද කාර්මික දෝෂයකට ලක්ව තිබියදී එය ගාල්ල වරාය වෙත රැගෙන ඒමට කටයුතු කළ බව ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ සැන්ඩිටි නමැති මෙම රුවන් නෞකාව ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 72 ක් දුරින් ගමන් කරමින් සිටියදී එහි එන්ජිමේ කාර්මික දෝෂයක් හටගෙන ඇති බවයි.
එහි කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු ප්‍රංශ ජාතිකයන් හතරදෙනෙකු ගමන් කර තිබෙනවා.
අදාළ යාත්‍රාව ඊට සේවා සපයන මෙරට පෞද්ගලික ආයතනය වෙත භාරදීමට පියවර ගත් බවයි නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කළේ.

ඡායාරූප – කටුනායක, ටී.කේ.ජී.කපිල