Gossips

කාමාතුරයා කොටුකරගත් මෙහෙයුම

හිරු සී.අයි.ඒ. අනාවරණ කළ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප ලබාගෙන කප්පම් ඉල්ලු තරුණයා පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කළ බව ඇඹිලිපිටිය පොලිසිය පවසනවා.
ඒ, තරුණයාගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරිමේදී තවත් කාන්තාවන් රැසකගේ නිරුවත් ඡායාරූප හමුවීමත් සමගයි.
හිරු සී.අයි.ඒ. හරහා ඊයේ (20) අප අනාවරණ කළේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ තරුණයෙකු කලකට ඉහතදී තම පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ලබාගෙන, ඒවා ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින් කප්පම් ඉල්ලූ සිදුවීමක් සම්බන්ධවයි.
රුපියල් 25,000 ක කප්පම් මුදල ද රැගෙන තරුණියට ඇඹිලිපිටිය ප්‍රදේශයේ ලැඟුම්හලකට පැමිණෙන ලෙස අදාළ තරුණයා තර්ජනය කර තිබුණා.
ඇඹිලිපිටිය පොලිසියේ නිලධාරීන් අදාල සැකකාර තරුණයා කොටුකර ගැනීමේ උපක්‍රමයක් ලෙස මෙම තරුණිය ලැඟම්හල වෙත රැගෙන යෑමෙන් අනතුරුව අදාළ ස්ථානය වැටලීමට කටයුතු කෙරුණා.