ඇමරිකාව සමඟ එක්වී රජයට එරෙහිව කුමන්ත්රණය කළැයි සිරිගත කොට සිටි කාම්බෝජ විපක්ෂ නායක කෙම් සෝකා, අනපේක්ෂිත ලෙස අද ඇප මත මුදා හැරුණා.
පසුගිය වසරේදී ඔහු අත්අඩංගුවට ගැනුණේ 30 වසරකට අධික අගමැති හුන් සෙන් ගේ පාලනයට අභියෝග කළ හැකි දේශපාලන බලවේගයක් ගොඩනගමින් සිටින විටයි.
කෙසේ නමුත්, එම පක්ෂය විසුරුවා හැර පැවැත්වූ මැතිවරණයෙන් පාලක කාම්බෝජ මහජන පක්ෂය පාර්ලිමේන්තුවේ සියළු ආසන දිනා ගැනීමට සමත් වුණා.