Gossips

කාම්බෝජයේ මහ මැතිවරණය ඇරඹේ

අග්නිදිග ආසියාවේ නැගී එන ආර්ථිකයක් වන කාම්බෝජයේ මහ මැතිවරණය අද පැවැත්වෙනවා.
මේ වනවිට නොම්පෙන් අගනුවර ඇතුලූ අනෙකුත් ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙය මෑත ඉතිහාසයේ කාම්බෝජයේ පැවැත්වෙන වඩාත්ම එක් පාර්ශවයකට බරවූ මැතිවරණය ලෙසයි සැළකෙන්නේ.
1985 වසරේ සිට කාම්බෝජයේ අග්‍රාමාත්‍ය ධුරය දරණ හුන් සෙන්ගේ කාම්බෝජ මහජන පක්ෂය ආසන 125 කින් සමන්විත පාර්ලිමේන්තුවේ බහුතරයක් ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂිතයි.