Gossips

කාම්බෝජයේ දේශපාලන පක්ෂ නායකයෙකු අත්අඩංගුවට

කාම්බෝජයේ දේශපාලන පක්ෂ නායකයෙකු වන සෑම් සෙරී තායිලන්ත ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. කෙමර් ජාතික විමුක්ති පෙරමුණේ නායකයා වන ඔහු ඩෙන්මාර්කයේ සිට තායිලන්තය හරහා කාම්බෝජය වෙත පැමිණෙමින් සිටින අතරතුර බැංකොක් නුවරදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කාම්බෝජයේ අග්‍රාමාත්‍ය හුන් සෙන් ලබන ජූලි මාසයේ පැවැත්වෙන මහ මැතිවරණයෙන් නැවත වරක් බලයට පැමිණීමට අපේක්ෂා කරන අතර, එරට ප්‍රධාන විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර විසුරුවා හැරියා.