ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි බ්‍රිතාන්‍ය ආරක්ෂක සමාගමකට එල්ලවූ ප්‍රහාරයකින් 10 දෙනෙකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙහිදී බෝම්බ ප්‍රහාර මෙන්ම වෙඩි ප්‍රහාරද එල්ලවී ඇති බවයි.
මියගිය පිරිස අතර බ්‍රිතාන්‍ය සෙබළුන්ද සිටින බව සඳහන්. ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.
