ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අද සිදුවූ බෝම්බ පිපිරීම්වල වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන තිබෙනවා.
අද උදෑසන සිදුවූ පිපිරීම් දෙකකින් ප්‍රංශ පුවත් සේවයේ ප්‍රමුඛ ඡායාරූප මාධ්‍යවේදියෙකු ඇතුළු 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
තවත් මාධ්‍යවේදීන් 7 දෙනෙකුද ප්‍රහාරයෙන් මියගොස් තිබෙනවා.
කාබුල් නුවර ශෂ්දාරක් ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකු එල්ල කළ බෝම්බ ප්‍රහාරයකට පසු එහි වාර්තාකරණයට රැස්වූ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසටයි දෙවන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
මේ අතර දකුණුදිග ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් ප්‍රාන්තයේදී නේටෝ වාහන පෙළක් ඉලක්ක කරගෙන අද එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඒ ආසන්නයේ පිහිටි ආගමික පාසලක ළමයින් 11 දෙනෙකුද ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
