Gossips

කාබුල් නුවර පිපිරීමකින් 26 ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දේවස්ථානයක් ආසන්නයේ සිදුවු බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 26 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවට සැක කෙරෙනවා.
උත්සවයක් සැමරීමට එක්ව සිටි පිරිසක් ඉලක්ක කර බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇති බවටයි ආරක්ෂක අංශ විශ්වාසය පළකරන්නේ.
එම ස්ථානයේ සිටි පිරිසගෙන් වැඩි දෙනෙකු ශියා බැතිමතුන් බව සඳහන්. මියගිය පිරිස තවත් ඉහළ යාහැකි බවට ආරක්ෂක අංශ ප්‍රකාශකර තිබෙනවා.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නැහැ.
ශියා බැතිමතුන් ඉලක්ක කර ගනිමින් පසුගිය කාලයේ එල්ලවූ ප්‍රහාරවල වැඩිවීමක් පෙන්නුම් කෙරෙන අතර එම ප්‍රහාරවලට සම්බන්ධ වී ඇත්තේ අයි එස් සංවිධානයයි.