ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අද (30) සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් ප්‍රංශ පුවත් සේවයේ ප්‍රමුඛ ඡායාරූප මාධ්‍යවේදියෙකු ඇතුළු 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කාබුල් නුවර ශෂ්දාරක් ප්‍රදේශයේදී යතුරුපැදිකරුවෙකු එල්ල කළ බෝම්බ ප්‍රහාරයකට පසු එහි වාර්තාකරණයට රැස්වූ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසටයි දෙවන බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
