Gossips

කාබුල් නුවර අධ්‍යාපන ආයතනයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ආසන්නයේ අධ්‍යාපන ආයතනයක සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තවත් 67 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශකර ඇත්තේ.
එම අධ්‍යාපන ආයතනයේ ඉගැන්වීම් කටයුතු සිදුවන අතර පැමිණි බෝම්බකරු බෝම්බය පුපුරුවාගෙන ඇතැයි පොලිසිය ප්‍රකාශකර තිබෙනවා.
මරණයට පත්වුවන්ගෙන් වැඩි පිරිසක් විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා අමතර පංතිවලට පැමිණි තරුණ තරුණියන් බවටයි විශ්වාස කෙරෙන්නේ.
මෙම බෝම්බ ප්‍රහාරය තමන් සිදු නොකළ බව තලේබාන් සංවිධානය ප්‍රකාශකර තිබෙනවා.
ඇෆ්ගනිස්ථානයේ සේවයේ නිරත රතු කුරුස නිලධාරීන්ගේ ආරක්ෂාව තවදුරටත් සහතික කළ නොහැකි බවට තලේබාන් සංවිධානය ප්‍රකාශ කර පැය කිහිපයක් ගතවීමෙන් පසු මෙම පිපිරීම සිදුවීම ද විශේෂත්වයක්.