Gossips

කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමට කැබිනට් පත්‍රිකාවක්

කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.
කාබනික වගාව සඳහා යොමුව සිටින ගොවීන්ට පොහොර වෙනුවට මූල්‍යමය ප්‍රතිපාදන ලබාදීමට එමගින් යෝජනා කර තිබෙනවා.
කාබනික ගොවිතැන යටතේ මේ වනවිට මෙරට වගා කරන කුඹුරු ඉඩම් ප්‍රමාණය අක්කර 4955 ක්.