බටහිර ඉන්දීය කොදෙව් දේශයේ දී අරම්භ වීමට නියමිත කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.
ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රි ලංකා සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ චමරි අතපත්තුටයි.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ලබන මස 09 වනදා සිට 24 දක්වා පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා සංචිතය
චමරි අතපත්තු (නායිකා), යශෝඨා මෙන්ඩිස්, ශෂිකලා සිරිවර්ධන, ඒෂානි ලොකුසූරිය, හසිනි පෙරේරා, අමා කාංචනා, රෙබෙකා වැන්ඩොට්, දිල්හානි මනෝදරා, නිලක්ෂිද සිල්වා, ශ්‍රිපාලි වීරක්කොඩි, සුගන්ධිකා කුමාරි, කවීශා දිල්හාරි, ඕෂධී රණසිංහ, ඉනොෂි ප්‍රනාන්දු, උදේශිකා ප්‍රබෝදනී
