Gossips

කාන්තා විස්සයි විස්ස ප්‍රදර්ශන තරඟයක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේදී ලෝක ප්‍රකට ක්‍රීඩිකාවන් සහභාගි වන කාන්තා විස්සයි විස්ස ප්‍රදර්ශන තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කෙරෙනවා.
ඒ සඳහා බටහිර ඉන්දීය කොදෙව් දකුණු අප්‍රිකානු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ද ඇතුළත්ව කණ්ඩායම් තුනක් සකස් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
කොදෙව් ක්‍රීඩිකා ඩියෙන්ඩ‍්‍රා ඩොටින් සහ ස්ටෙෆනි ටේලර්, දකුණු අප්‍රිකානු නායිකා ඩේන් වෑන් නියෙකර්ක් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩිකා චමරි අතපත්තුට ද ඒ සඳහා ඇරයුම් කෙරෙනු ඇති.