වාර්ෂිකව ලෝකයේ කාන්තා මරණ වලින් ලක්ෂ 06ක් පමණ සිදුවන්නේ නිදන් ගත වකුගඩු රෝගයෙන් බව ජාතික රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය අනුර හේමාදීගන පවසනවා.
හෙටට (08) යෙදී තිබෙන ලෝක වකුගඩු දිනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා කොළඹ අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ කෘෂිකාර්මික වකුගඩු රෝගයට වඩා බෝ නොවන රෝගවලින් ඇති වන නිදන් ගත වකුගඩු රෝගය පිළිබඳව ජනතාව සැලකිලිමත් විය යුතු බවයි.
