Gossips

කාන්තා නියෝජනයේ ගැටළුව

නියමිත කාන්තා නියෝජනය නම් නොකරන දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම්වල පළාත් පාලන නියෝජිත සභික ධූර ගැසට් නොකරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.
පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඒ මහතා මෙම අදහස් පලකලා.
පළාත් පාලන ඡන්ද විමසීමේ 25% ක කාන්තා නියෝජනය පිළිබදව සාකච්ඡාවක් අද පස්වරුවේ මැතිවරණ කොමිෂමේදී පැවැත්වුණා.
ඒ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා, මැතිවරණ කොමිසමේ සාමාජිකයින්, කාන්තා හා සිවිල් සංවිධාන කිහිපයක සහභාගීත්වයෙන්.