කොළඹ පැවැති කාන්තා දින උත්සවයකට සහභාගි වී සිටි ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් වන දීපා එදිරිසිංහට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් අද විරෝධය පළ කළා.
එහිදී ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සඳහන් කළේ පවුල් 24700 ක කාන්තාවන් අසරණ කළ තැනැත්තියක් කාන්තා දින උත්සවයකට සහභාගි වී සිටීම හාස්‍යජනක සිදුවීමක් බවයි.
උත්සව භුමිය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ට එම ස්ථානයෙන් ඉවත්වන ලෙස පොලීසිය දැනුම්දීමත් සමග උණුසුම් තත්ත්වයක් හට ගත්තා.
පසුව එම ස්ථානයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත බණ්ඩාර විරෝධතාවයේ නිරත ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ට කියා සිටියේ ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරන බවයි.
