Gossips

කාන්තා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් මුහුණදුන් ලිංගික හිංසනය මෙන්න

කාන්තා පාපන්දු කණ්ඩායමකට එල්ලවන ලිංගික හිංසන පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
ඒ විදෙස් මාධ්‍ය අදාළ සිදුවීම පිළිබඳව තොරතුරු අනාවරණ කිරීමත් සමඟයි.
අදාල සිදුවීම වාර්තා වන්නේ ඇෆ්ගනිස්තානයෙන්.
එරට ක්‍රීඩා බලධාරීන් විසින් අනතුරුව පිළිගෙන ඇත්තේ පාපන්දු ක්‍රීඩිකාවන්ට පමණක් නොව වෙනත් ක්‍රීඩා වල නිරත කාන්තාවන්ට ද ලිංගික හිංසන සිදුවන බවයි.
බොහෝ ක්‍රීඩිකාවන් සිය පුහුණුකරුවන් සහ ක්‍රීඩා නිලධාරීන් අතින් සිදුවන ලිංගික හිංසනයන් පිළිබඳව අනාවරණ නොකළද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කිහිපදෙනෙකු අදාළ සිදුවීම් සමබන්ධයෙන් තොරතුරු අනාවරණ කරගෙන ඇති බවයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම වාර්තා වීමත් සමඟ ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩිකාවන්ට සිදුව ඇතැයි පැවසෙන ලිංගික හිංසනයන් පිළිබඳව සොයා බැලීම සඳහා ජගත් පාපන්දු පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව අදාළ චෝදනා එල්ලවන පිරිස අතර එරට පාපන්දු සංගමයේ සභාපතිවරයා සහා ලේකම්වරයාද සිටීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් ඔවුන් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
ජාතික කණ්ඩායමට ඇතුළු වීමට හෝ වෙනත් රටක තරගයකට සහභාගි වීමට අවස්ථාව ලබා ගැනීමට යෑමේ දී වැඩි වශයෙන් මෙම හිංසනවලට මුහුණ දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අදාළ හෙළිදරව්ව කරමින් එක් ක්‍රීඩිකාවක් ප්‍රකාශ කර ඇත්තේ "මට පෙන්නන්න ඔයා කොයිතරම් ලස්සන ද කියලා. මොකද ලස්සන ගැහැණු ළමයි විතරයි කණ්ඩායමට ඇතුළත් කරගන්නේ," යනුවෙන් ක්‍රීඩා නිලධාරියෙකු තමන්ට පැවසූ බවයි.
ක්‍රීඩිකාවන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔවුන්ට දඬුවම් කරනවා හෝ ඉවත් කරනවා වෙනුවට, උසස් වීම් ලබා දුන් බවයි.