රුපියල් එක්ලක්ෂ 27,500 ක වටිනාකමින් යුත් භාණ්ඩ සහිත කාන්තාවකගේ අත්බෑගයක් කොල්ලකා පලාගොස් සිටි සැකකරුවන් දෙදෙනෙකු මොරටුව ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සතුව තිබී රන් මාලයක්, රන් පෙන්ඩන්ට් දෙකක්, ජංගම දුරකථනයක් සහ රුපියල් 3,000 ක් සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
22 හැවිරිදි සැකකරුවන් මොරටුව – අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවන්.
