Gossips

කාන්තාවන් 137 දෙනෙකු එක දවසකදී ඝාතනය කරලා

ලොවපුරා කාන්තාවන් 137 දෙනෙකු දෛනිකව තම සැමියා හෝ ඥාතියෙකු අතින් මියයන බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.
අදාළ සමීක්ෂණය සිදුකර ඇත්තේ අපරාධ සහ මත්ද්‍රව්‍ය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයයි.
එම සමීක්ෂණයේ වාර්තාවට අනුව 2017 වර්ෂයේ දී මියගිය කාන්තාවන් 87000 කින් 30,000 ක් පමණ සහකරුවන් විසින් ඝාතනය කර තිබෙනවා.
ඉන් අඩකට ආසන්න සිය හිතවතුන් විසින් ඝාතනය කර ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.
මේ අතර 20000ක් පමණ කාන්තාවන් ඝාතනයට ලක්ව ඇත්තේ සිය පවුලේ සාමාජිකයෙකු අතින් වීම විශේෂත්වයක්.
ලෝකයේ සිදුවන සෑම පුද්ගල ඝාතන දහයකින් අටකට වගකිවයුතු වන්නේ පිරිමින් බවටයි එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
"කාන්තාවක් ඝාතනයට ලක් වීමේ වැඩිම අවදානමක් ඇති ස්ථානය සිය නිවස," යැයි එම වාර්තාවේ සඳහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
එම සම්පූර්ණ වාර්තාව මෙතැනින්
මේ අතර ශ්‍රී ලංකාව තුළ දී සිය සහකරුවන් හෝ ඥාතීන් විසින් කාන්තාවන් ඝාතනය කළ අවස්ථා බොහෝ ප්‍රමාණයක් පසුගිය කාලය තුළ අසන්නට ලැබුණා.
එහි ආසන්නතම සිදුවීම වූයේ පසුගියදා මොණරාගල ප්‍රදේශයේදී සිදුවූ කාන්තා ඝාතනයයි.