Gossips

කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

තිස්සමහාරාම – සඳුන්ගම ප්‍රදේශයේදී සැමියා විසින් සිය බිරිඳට සහ නැන්දම්මාට තියුණු ආයුධකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අද (23) උදෑසන 9 ට පමණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
අදාළ කාන්තාව ග්‍රාම නිලධාරිනියක් වන අතර, පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
ඝාතනය සිදුකළ 28 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හමුදා සේවයේ යෙදී සිටි පසුව ඉන් ඉවත්වූ පුද්ගලයෙකු බව සඳහන්.
ඝාතනයට ලක්වූ බිරිඳ 25 වන වියේ පසුවූ අතර, ඇයගේ මව 54 වන වියේ පසුවුණා.