Gossips

කාන්තාවන් දෙදෙනෙකු අපයෝජනය කළ අයෙක් රක්ෂිත බන්ධනාගාරයට

කාන්තාවන් දෙදෙනකුඒ බරපතළ ලිංගික අපයෝජනය සිදුකළ පුද්ගලයෙකු පසුගියදා ගලේවෙල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගරුකම් මඟින් ප්‍රශ්න විසඳා දෙන බව පවසමින් අදාල සැකකරු මෙම කාන්තාවන් දෙදෙනා අපයෝජනයකර ඇති බවයි කරුණු අනාවරණය වී ඇත්තේ.
එක්‌ කාන්තාවක්‌ සිය නැන්දම්මා සමඟ ඇති විරසකය අවසන් කර ගැනීමටත්, දරුඵල නොමැතිව සිටි අනෙක්‌ කාන්තාවට දරුවෙක්‌ ලබාගැනීම සඳහාත් මෙම ගුරුකම් කරවා ගැනීමට අදාල කපුවාගේ පිහිටපතා ඇති බව සඳහන්.
අදාල කාන්තාවන් පදිංචි නිවසට අසන්න නිවසකට පසුගිය 28 වනදා පැමිණ ඇත්තේ සැකකාර කපුවා ලවා ගුරුකම් කරගැනීම සඳහායි.
එහිදී ඔවුන් එම නිවසේ කාමරයකට විටින් විට කැඳවාගත් සැකකරු කාන්තාවන් නිරුවත් කරමින් ශරීරවල තෙල්ගාන්නට පටන් ගෙන ඇති අතර මෙහිදී සැකකරුගේ නොමනා හැසිරීම් සම්බන්ධයෙන් කාන්තාවන්ට සැකසිතී ඔහුගේ ග්‍රහණයෙන් මිදී පිටතට පැමිණ තිබෙනවා.
අනතුරුව කාන්තාවන් සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන්ට දන්වා ඇති අතර අනතුරුව සැකකරු කොටුකර ගැනීමෙන් පසුව සැකකරු සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති බව සඳහන්.
අනතුරුව පොලිසිය පැමිණ සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා 30 හැවිරිදි වියේ පසුවන හලාවත, කොන්ගස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වයස අවුරුදු 19 සහ 20 යන වයස් සීමාවල පසුවන කාන්තාවන් දෙදෙනෙක් සැකකාර කපුවා විසින් අපයෝජනයකර ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු පසුගිය 30 වනදා දඹුල්ල මහේස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකළ බවයි ගලේවෙල පොලිසියෙන් කළ විමසීමකදී පවසා සිටියේ.