Gossips

කාන්තාවන්ගේ ශක්තිය භාවිතයෙන් සනාථ කර ඇති බව ජනපති කියයි

සමාජය විසින් පවරන ලද සාම්ප්‍රදායික භූමිකා අභිබවා බොහෝ උච්චස්ථාන කරා කාන්තාවන්ට ගමන් කළ හැකි බව නූතන ස්ත්‍රිය සිය භාවිතයෙන් සනාථ කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජාත්‍යන්තර කාන්තා දිනයට නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ කාන්තාව අවිහිංසාවේ ප්‍රතිමූර්තිය බව මහත්මා ගාන්ධි පවසා ඇති බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද ජාත්‍යන්තර කාන්තා දින පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ස්ත්‍රී – පුරුෂ සමභාවී සමාජ භාවිතය සවිබල ගැන්වීම සඳහා වඩාත් සුදුසු සහ විශිෂ්ඨ අවස්ථාවක් දැන් ලෝකය හමුවේ උදා වී ඇති බවයි.
මේ අතර, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂද ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කාන්තාවට ලැබිය යුතු නිසි තැන දිනා ගැනීම, සමාජ ප්‍රගමනයට කාන්තාවන්ගෙන් ලැබෙන අනුපමේය දායකත්වය ඇගයීම වැනි කරුණු සලකා බලන විට ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ තත්ත්වයද සතුටුදායකව පවතින බව තම අදහස වී ඇති බවයි.