Gossips

කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ රහසිගතව රූගත කළ සැකකරු CIA අනාවරණයෙන් පසු පොලිස් දැලේ

කාන්තාවන්ගේ අඟපසඟග රහසිගත ලෙස රූගත කළ නුගේගොඩ රැකියා ඒජන්සියේ කළමනාකරු හිරු සී.අයි.ඒ කළ අනාවරණයෙන් පසු පොලිස්, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් වින්දියතයන් වු කාන්තාවන් දෙදෙනෙකු අදාල කාර්යාංශයට පැමිණිලි කර තිබුනේ පසුගිය සදුදා දිනයේදී.
හිරු සී.අයි.ඒ හරහා ඊයේ අප හෙළි කළේ නුගේගොඩ ජුබිළිකණුව ප්‍රදේශයේ පවත්වාගෙන යන රැකියා ඒජන්සියක කළමනාකරුවෙකු ලෙස සේවය කරන මෙම පුද්ගලයා මෙහි පැමිණෙන කාන්තාවන් රැසකගේ රහස් ප්‍රදේශ ජංගම දුරකථනයකින් රූගත කළ අයුරුයි.
මේ පිළිබදව සැකසිතූ එක් කාන්තාවක් සේවය හැරගොස් සිටි අතරතුර එහි තවත් සේවිකාවකට කාර්යාල ලැප්ටොප් පරිගණකයක තිබී වැසිකිළියක රෑගත කර තිබු කාන්තා දර්ශන පෙළක් හමුව තිබෙනවා.
ඒ අනුව අදාල කාන්තාවන් ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් දෙදෙනා හා පරිගණක සම්බන්ධ දැනුම ඇති තවත් කිහිපදෙනෙකු සමග අදාල රැකියා ඒජන්සියට ගොස් අනෙකුත් පරිගණක පරීක්ෂා කිරීමට අවසර ඉල්ලා තිබුනා.