Gossips

කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ රහසිගතව වීඩියෝගත කළ රැකියා ඒජන්සිය

රැකියා ඒජන්සියක කළමනාකරුවෙකු ලෙස සේවය කරමින් වසර ගණනාවක සිට කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ ඔවුන්ට නොදැනෙන ලෙස රූගත කළ පුද්ගලයෙකු පිළිබදව හිරු සී.අයි.ඒ තොරතුරු අනාවරණය කර ගත්තා.
හිරු සී.අයි.ඒ කළ ගවේෂණයේදී හෙළිවුයේ කාන්තාවන් රැසක් මෙම පුද්ගලයාගේ රහසිගත වීඩියෝවල ගොදුරක් බවට පත්ව ඇති බවයි.
නුගේගොඩ ජුබිළිකණුව ප්‍රදේශයේ පවත්වාගෙන යන රැකියා ඒජන්සියක මෙම පුද්ගලයා සේවය කරන්නේ කළමණාකරුවෙකු ලෙසයි.
රැකියා බලාපොරොත්තුවෙන් පැමිණෙන කාන්තාවන් මෙන්ම මෙම කාර්යාලයේ සේවිකාවන්ගේ රහස් ප්‍රදේශ තම ජංගම දුරකථනයෙන් කලක පටන් මොහු
රහසිගතව වීඩියෝ ගත කර තිබෙනවා.
හිරු සී.අයි.ඒ. කළ ගවේෂණයේදී හෙළිවුයේ කාර්යාල කාමරයේ සිය මේසය අසල බිම තබා ඇති බෑගයක් තුල සගවා ඇති ජංගම දුරකථනයක් මගින් මෙම දර්ශන පටිගත කර ඇති බවයි.
කාන්තාවන් මෙම ස්ථානයට පැමිණි පසු රහසිගත කැමරා කෝණය නිවැරදි දිශාවට යොමුව ඇද්දැයි මොහු වරින් වර නිරීක්ෂණය කරන අයුරු ද එම පටිගත කිරීම්වල දක්නට ලැබෙනවා.
දීර්ඝ කාලයක පටන් සිදුකළ මෙම ක්‍රියාදාමය පිළිබද එහි සේවයට ගිය කාන්තාවකට සැක සිතී තිබුනා.