යතුරුපැදිවලින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල සහ මුදල් කොල්ල කෑමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරක් මතයි වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් සතුව තිබී එලෙස කොල්ල කන ලද රන් මාල්, ජංගම දුරකථන, මුදල් සහ අත්බෑග කිහිපයක් සොයාගෙන තිබෙනවා.
එමෙන්ම කොල්ලකෑම සදහා උපයෝගී කර ගන්නා ලද යතුරුපැදි 3ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
