සෙවනගල – කොවුල්ආර ප්‍රදේශයේදී කාන්තාවක විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
ඊයේ (01) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර, මිය ගොස් ඇත්තේ සෙවනගල – එකමුතුගම – 7 කණුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තිදරු පියෙක්.
සිය අනියම් බිරිඳ විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
කාන්තාව අදාල පුද්ගලයාගේ ගෙළ ප්‍රදේශයට පිහියකින් ඇණ අනතුරුව ගෙළ කපා මෙම ඝාතනය සිදුකර ඇති බව සඳහන්.
අපරාධය සිදුකළ තැනැත්තිය 42 හැවිරිදි එක්දරු මවක් වන අතර සැකකාර කාන්තාව මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.
ඇය සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි අප වාර්තාකරු පැවසුවේ.
දෙදෙනා අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.