Gossips

කාන්තාවක් සිය දරු දෙදෙනා සමඟ ගසකට නැග විරෝධතාවක

තමා ජීවත්වන ඉඩම සහ නිවස මහවැලි සංවර්ධන අධිකාරිය බලහත්කාරයෙන් පවරාගැනීමට උත්සාහ කරන බව පවසමින් මවක් සිය දරු දෙදෙනා සමඟ ගසකට නැග මේ වනවිට විරෝධතාවක නිරතවනවා.
ගිරාඳුරුකෝට්ටේ පිහිටි සිය නිවස අසළ පිහිටි ගසකට නැග මව විරෝධතාව සිදුකරන්නේ් සිය තුන්හැවිරිදි දැරිය සහ හත්හැවිරිදි පුත්‍රයා සමගයි.
තමා ජීවත්වූ ඉඩමේ ඉදිකර තිබූ නිවස ප්‍රදේශයට අයත් මහවැලි සංවර්ධන අධිකාරියෙන් කඩා ඉවත් කර ඇති බවයි ඇය පවසන්නේ.
අදාළ කාන්තාව ජීවත්වූ නිවස මීට පෙර කඩා ඉවත් කර තිබූ අතර, පසුව ඇය නැවතත් එම ස්ථානයේ තාවකාලික නිවසක් ඉදිකරගෙන පදිංචි වී සිට තිබෙනවා.