ගාල්ල – හිනිදුම – නුගගල හන්දිය ප්‍රදේශයේදී ගිං ගඟේ දියනෑමට ගිය කාන්තාවක් සහ ගැහැණු ළමයින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.
අද සවස 2.30 ට පමණ ඔවුන් මොවුන් දිය නෑමට ගොස් ඇති අතර එහිදී 39 හැවිරිදි කාන්තාවක්, 14 හැවිරිදි ඇයගේ දියණිය සහ දියණියගේ යෙහෙළියන් දෙදෙනෙකු මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව ඔවුන්ගේ මළ සිරුරු මේ වනවිට සොයා ගෙන ඇති බව සදහන්.
මියගොස් ඇති 39 හැවිරිදි කාන්තාව සහ ඇයගේ 14 හැවිරිදි දියණිය හිනිදුම බටහිර ප්‍රදේශයේ පදිංචිකරුවන්.
අනෙක් දැරියන් දෙදෙනො තංගල්ල සහ මාපලගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී ඇත්තේ.
ඔවුන්ගේ සිරුරු හිනිදුම රෝහලේ තැන්පත් කර තිබෙනවා.
හිනිදුම පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.
