Gossips

කාන්තාවක් ගුවන් යානයේ අසභ්‍ය ලෙස හැසිරුණු හැටි

තමන්ගේ යට ඇඳුමක් ගෙන අසභ්‍ය ලෙස ගුවන් යානයක හැසිරුණු කාන්තාවකගේ වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
තුර්කියේ සිට මොස්කව් දක්වා ගමන්කරමින් තිබූ ගුවන්යානයකයි පසුගිය පෙම්වතුන්ගේ දිනය වූ 14 වනදා අදාළ සිදුවීම වී ඇත්තේ.
අදාළ කාන්තාව විසින් තම යට ඇඳුමක් ගෙන එය ගුවන් යානයේ වායු සමීකරණ කවුළුවට අල්ලාගෙන සිට තිබෙනවා.
ඇය තම යට ඇඳුම වියළීමේ අරමුණින් මෙලෙස සිදුකරන්නට ඇති බවටයි සැකපළකරන්නේ.
එහිදී ගුවන්යානයේ සිටි මගීන් දැඩි අපහසුතාවයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව එම කාන්තාව විසින් මිනිත්තු විස්සකට ආසන්න කාලයක් තම යාට ඇඳුම ගුවන්යානයේ වායු සමීකරණ කවුළුව වෙත අල්ලාගෙන සිට තිබෙනවා.
එම අවස්ථාව ගුවන්යානයේ පසුපස සිටි මගියෙකු තම ජංගම දුරකථනයෙන් රූගත කර රුසියානු මාධ්‍ය ආයතනයක් වෙත ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම වීඩියෝව පහතින්.