Gossips

කාන්තාවක් ඉදිරියේ අසංවර වූ ත්‍රිරෝද රථ රියදුරා

කාන්තා අයිතිවාසිකම් පිළිබදව මහ ඉහළින් කතා කරන අවධියක කාන්තා හිංසනය පිළිබදව විවිධ සිදුවීම් අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙනවා.
ජාත්‍යන්තර කාන්තා දිනය ගෙවී සතියක් යන්නටත් පෙර මහමඟදී යම් ආකාරයක ලිංගික හිංසනයට ලක්වූ කාන්තාවක් විසින්ම අන්තර්ජාලයට එක් කල මේ වීඩියෝව අපට ඒ පිලිබද නැවත නැවතත් සිහිපත් කර දෙනවා.
අන්තර්ජාලයේ සංසරණය වන මෙම වීඩියෝවේ සඳහන් වන ආකාරයට මෙහි එන කථානායිකාව මෙම අත්දැකීමට මුහුණ පා ඇත්තේ බම්බලපිටිය ප්‍රදේශයේදී.
ඇය තම ෆේස් බුක් ගිණුමේ සදහන් කර ඇත්තේ ගාළු පාරේ ආලෝක සංඥා පුවරුවක් අසලදී මෙම ත්‍රී රෝද රථයේ රියදුරු තමන් වෙතට ඇගිල්ල දිගු කරමින් අවධානය ලබා ගැනීමට උත්සාහ කළ බවයි.
ආලෝක සංඥා වෙනස් වු පසුත් අදාළ ත්‍රී රෝද රථයේ රියදුරු තමන් සමඟම සමාන්තරව ගමන් කරන්නට උත්සාහ කරමින් අසංවර ලෙස හැසිරෙමින් දුරකථන අංකය ඉල්ලා සිටි බවට හිංසනයට ලක්වූ කාන්තාව සදහන් කර තිබෙනවා.
දිගින් දිගමට සිදු වූ මෙම තරුණයාගේ හිංසාකාරි හැසිරීම හේතුවෙන් අදාළ කාන්තාව මෙම සිදුවීම සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කිරීමට පෙළඹෙනවා.
කාන්තාවන් අපහසුතාවට පත් කරමින් මහමඟ නොමනා ලෙස හැසිරුණු මේ තරුණයා නීතියේ රැහැනට හසුකර ගැනීමට මේ දර්ශන ප්‍රමාණවත් යන්න අපේ මතයයි.
නීතිය අකුරට ක්‍රියාත්මකවන තෙක් අප අවදියෙන්.