Gossips

කාන්තාවක් ඇවිත් කළ ස්වර්ණාභරණ අලෙවිසැලේ සොරකමේ CCTV සාක්ෂිය

කාන්තාවක් ඇවිත් කළ ස්වර්ණාභරණ අලෙවිසැලේ සොරකමේ CCTV සාක්ෂිය
මාතර නගරයේ කුමාරතුංග මාවතේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලකට පැමිණෙන කාන්තාවක් රන් මාලයක් සොරකම් කරන අයුරු වෙළඳසැලේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා.
පසුගිය 29 වනදා උදෑසන 11.40 ට පමණ මෙම කාන්තාව වෙළඳසැලට පැමිණ මෙම සොරකම සිදුකර ඇති බව සඳහන්.
රුපියක් එක්ලක්ෂ තිස්දහසක පමණ වටිනාකමකින් යුත් රන් මාලයක් සැකකාරිය විසින් සොරාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සැකකාරිය අත්අඩංගුවට ගැනීමට මාතර මුලස්ථාන පොලිසිය මහජනතාවගෙන් සහය පතනවා.