Gossips

කාන්තාවකට බරපතළ ලිංගික අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට

මොණරාගල, මැදගම, නන්නපුරාව ප්‍රදේශයේ දී වයස අවුරුදු 60ක කාන්තාවකට බරපතළ ලිංගික අපයෝජනය සිදුකළ තැනැත්තෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 38ක පුද්ගලයකු බවයි වාර්තා වන්නේ.
අපයෝජනය සිදුකළ සැකකරු අදාල කාන්තාවගේ නිවසට පොල් කැඩීම සදහා පැමිනෙන පුද්ගලයකු බවටයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු අදාල කාන්තාව වැසිකිළිය වෙත යමින් සිටින අතර තුර බලහත්කාරයෙන් ඇයට බරපතළ ලිංගික අතවර සිදුකර ඇති බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (22) බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර මැදගම පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.