Gossips

කාන්තාවකගේ මැදිහත් වීමෙන් සිදුවන කඩොලාන විනාශය

පුත්තලම කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාලකුඩාව ප්‍රදේශයේ මහා පරිමානයෙන් කඩොලාන ශාක සහිත භූමියක් විනාශ කරන බවට හිරු
සී.අයි.ඒ. වෙත තොරතුරක් වාර්තා වුණා.
ඒ අනුව අදාල ප්‍රදේශයට ලගා වු හිරු සී.අයි.ඒ. කණ්ඩායමට දැක ගත හැකි වුයේ බැකෝ යන්ත්‍රයක් උපයෝගී කර ගනිමින් කඩොලාන ශාක වනසා දමා ඇති අයුරුයි.
2011 වසරේ ද මෙම ස්ථානයේ කඩොලාන විනාශයක් සිදුකිරීමට යාමේදී එවක ප්‍රාදේශීය ලේකම්වරයාගේ මැදිහත්වීම මත එය නවතා දැමුනු බව හිරු සී.අයි.ඒ කළ විමර්ශනයේදී හෙළිවුණා.
මෙම ඉඩම විදේශ ගතව සිටින තම සැමියාට අයත්බව පවසමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලිපියක් යොමුකර ඉඩම සංවර්ධනය කරන මුවාවෙන් මෙම
කඩොලාන විනාශය සිදුකර ඇත්තේ කාන්තාවකගේ මැදිහත්වීම මතයි.
කෙසේ වෙතත් මෙහි සිදුවන පරිසර විනාශය පිළිබදව අප කල්පිටිය පොලිසිය දැනුවත් කිරීමත් සමග ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම ස්ථානයට පැමිණියා.