හල්දුම්මුල්ල, පුස්‌සැල්ල ප්‍රදේශයේදී අමු මස් කැබැල්ලක් උගුරේ සිරවීමෙන් කන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය 22 වනදා මෙම සිදුවීම සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 58 හැවිරිදි කාන්තාවක්.
නිවසට පැමිණි ඥති පිරිසකට සංග්‍රහ කිරීම සඳහා මස් වෑංජනයක් සකස් කිරීමට මස් කපා සෝදමින් සිටින අවස්ථාවක අදාල කාන්තාව පැමිණ ඉන් මස් කැබැල්ලක් රැගෙන මුවතුලට දමා ගැනීමට යාමේදී මෙලෙස උගුරේ සිරවී තිබෙනවා.
මියගිය කාන්තාව මානසික රෝගයකින් පෙලුනු තැනැත්තියක් වන අතර අැයගේ අවසන් කටයුතු අද (25) දින සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
