Gossips

කාදර් මස්ථාන්ගෙන් හින්දු විෂය පථය ඉවත් කර ඇතැයි ඇමති ස්වාමිනාදන් කියයි

නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් කාදර් මස්ථාන්ට හින්දු ආගමික කටයුතු විෂය නොමැතිව විෂය පථයන් ගැසට් කර ඇති බව අමාත්‍ය ඩි.එම්.ස්වාමිනාදන් පවසනවා.
තමන් අදාළ ගැටලූව පිලිබද දුරකථනයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ජා කළ බවත්, ජනාධිපතිවරයා ඒ පිළිබද තමන් දැනුම්වත් කළ බවත් අමාත්‍යවරයා කියා සිටියා.
නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පත් කිරිමේදී නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුර සංවර්ධන මෙන්ම හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය ද කාදර් මස්ථාන්ට හිමිවීම සම්බන්ධයෙන් දේශපාලන සමාජයේ ඇති වුණේ පුළුල් සංවාදයක්.
ගැටලූව විසදා ගැනිම සදහා නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්ථාන් අද ජනාධිපතිවරයා හමුවීමට ද නියමිතව තිබුනත් එම හමුව සිදුව තිබුණේ නැහැ.
එමෙන්ම, නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්ථාන් විෂය ක්ෂේත්‍රයන්ගෙන් හින්දු ආගමික විෂය ඉවත් කරන ලෙස ඉල්ලමින් අද කොළඹදී විරෝධතා පාගමනක් ද පැවැත්වුණා.
බස්නාහිර පළාත් සභාවේ සහ කොළඹ නගර සභාවේ හින්දු ආගමික මන්ත්‍රීවරුන් ඇතුලූ පිරිසක් ඊට එක්ව සිටි අතර ඔවුන් බම්බලපිටිය කදිරේෂන් කෝවිල ඉදිරිපිටින් පාගමන ආරම්භ කර කොල්ලූපිටියේ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය දක්වා පැමිණියා.
මේ අතර, පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ, අජිත් මාන්නප්පෙරුම සහ රාජ්‍ය පරිපාලන සහ කලමණාකරණ හා නිතිය සාමය පිලිබද නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ නලින් බණ්ඩාර සිය ධුරයන්හි වැඩ භාර ගැනීමද අද සිදුවුණා.
පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩ භාර ගැනීමේ අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද එක්ව සිටියා.