අලුත උපන් දරුවෙකු කාණුවක දමා පලාගිය මවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ මව විසින් බණ්ඩාරවෙල දිසා රෝහලේ කාණුවක මෙලෙස දරුවා දමා ගොස් සිට ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
දරුවා කාණුවේ දමා මව සහ පියා අසල තිබූ ත්‍රී රෝද රථය නැගී පලාගොස් ඇති අතර පසුව මේ සම්බන්දයෙන් සැක සිතූ වෙනත් ත්‍රී රෝද රථ රියදුරෙකු ඒ පිලිබඳ සොයා බැලීමට යාමේදී අදාළ මව සහ පියා ත්‍රී රෝද රථයෙන් බැස නැවතත් පලාගොස් තිබෙනවා.
එම අවස්ථාවේදී ත්‍රිරෝද රථ රියදුරෙකු විසින් මව අල්ලා රෝහලට භාර දී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකශ කළේ.
මෙම මව කොස්ලන්ද ප්‍රදේශයේ පදිංචි බාල වයස්කාර විවාහ නොවූ තරුණියක් බවට පසුව අනාවරණ වී තිබෙනවා.
දරුවා පිරිමි දරුවෙකු වන අතර ඔහු මේ වන විට නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක සිටින බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරේ.
පලාගිය පියා බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
