නීති විරෝධීව රහසිගත අයුරින් ඇති කරන ලද කිඹුලෙකු විසින් කාන්තාවක මරා දැමූ පුවතක් විදෙස් මාධ්‍ය වර්තකරනවා.
මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දුනීසියාවේ – සුලවේසි ප්‍රදේශයෙන්.
අදාළ කාන්තාව, කිඹුලාට ආහාර ලබාදෙමින් සිටි අවස්ථාවේ කිඹුලා රඳවා සිටි ජල තටාකය තුළ ඇද වැටීමෙන් පසු ඇය කිඹුලාගේ ගොදුරක් බවට පත්ව ඇති බව සඳහන්.
මෙලෙස කිඹුලාගේ ගොදුරක් බවට පත්ව ඇත්තේ කිඹුලා ඇති කළ ගොවිපොළේ සේවය කළ 44 හැවිරිදි ඩේසි ටුවෝ නමැති කාන්තාවක්.
කිලෝ ග්‍රෑම් 700ක් පමණ බරැති මෙරී නමැති එම කිඹුලා අදාල කාන්තාවගේ ශරීරයේ වැඩි ප්‍රමාණයක් කා දමා ඇති බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ එම ගොවිපොළේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි.
මෙම දැවැන්ත කිඹුලා ආරක්ෂිත වන ජීවී කලාපයකට මුදා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතුකර තිබෙනවා.
