Gossips

කාක්කපල්ලියෙන් හමුවූ අභිරහස් මළ සිරුර (ඡායාරූප)

අභිරහස් ලෙස මිය ගොස් ඇති පුද්ගලයෙකුගේ මළ සිරුරක් හලාවත – කොළඹ මාර්ගයේ කාක්කපල්ලිය, සේමාඉරිප්පුව ප්‍රදේශයේ තිබී හමුවූ බව හලාවත පොලීසිය පවසනවා.
පොලිසිය පවසන්නේ සොයාගත් සිරුර අවුරුදු 53 – 55ත් අතර වියේ පසුවූ අයෙකුගේ බවට සැක කෙරෙන අතර සිරුරේ ස්ථාන කීපයක තුවාල කැලැල් දක්නට ඇති බවයි.
මළ සිරුර සොයාගත් ස්ථානයට යාබදව කිසියම් වාහනයක් නවත්වා ඇති බවට සළකුණු ඇති බව විමර්ශණ කටයුතු සිදුකරන නිලධාරීන් පවසනවා.
කාක්කපල්ලිය කොට්ඨාසය භාර හදිසි මරණ පරීක්ෂකවරයා එම ස්ථානයට පැමිණ මූලික පරීක්ෂණ කටයුතු සිදුකළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම මරණය හදිසි අනතුරකින් සිදුවුවක් ද නැතිනම් සහාසික ක්‍රියාවක්ද යන්න තහවුරු ගැනීම සදහා සිරුර හලාවත මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා හලාවත පොලිසියේ නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.
මළ සිරුර තිබෙන ආකාරයට සහ සිරුරේ ඇති තුවාල අනුව බොහෝ විට මෙය ඝාතනයක් විය හැකි බවත්, වෙනත් ස්ථානයක ඝාතනය කර පසුව මළ සිරුර වාහනයකින් මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට ද පොලිසිය සැක කරනවා.

ඡායාරූප – පුත්තලම, ජූඩ් සමන්ත