ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය සියයට 30 දක්වා සීමා කිරීම සඳහා නව නීති ගෙන එන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
ඒ සඳහා ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා බවයි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (22) පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
