Gossips

ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් කාන්තාවන් ගත් ලක්ෂය දක්වා වූ ණය කපා හැරේ

නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 12 ක කාන්තාවන්ට ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබාදී ඇති රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් කපාහැරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුවයි.
එමෙන්ම ක්ෂුද්‍ර මුල්‍ය ආයතන මගින් ඉදිරියේදී ලබා දෙන සියලු ණය වෙනුවෙන් පොලිය 30% ක උපරිමයකට යටත් කිරීමටත් රජය තීරණය කර තිබෙනවා.