අවිස්සාවේල්ල – දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ 9 හැවිරිදි දැරියක පාසල් ක්‍රීඩාපිටියේ සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඇය, පාසල් ක්‍රීඩා පිටියේ පැවති ක්‍රියාකාරකමක් අතරතුර ඇද වැටී ඇති අතර, අනතුරුව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය අරුණ ජයතිලක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
