Gossips

ක්‍රීඩා ඇමතිගේ ඉල්ලීමට මුරලිගේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරුන් ලෙසට එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කළ ඇරයුම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් තබමින්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයකු ලෙස වැඩ භාරගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (14) හිටපු සුපිරි ක්‍රීඩකයින් හතරදෙනකුගෙන් ඉල්ලා සිටියා.
එම ක්‍රීඩකයින් වුනේ මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රොෂාන් මහානාම සහ අරවින්ද ද සිල්වා.
ඒ අතරතුර දඟ පන්දු යවනන්ගේ පුහුණු උපදේශකයකු ලෙස සේවට පැමිණෙන ලෙස මුත්තයියා මුරලිදරන්ගෙන්ද ඉල්ලීමක් කර තිබුණා.
එම ඉල්ලීමට මුරලි දක්වා තිබුනේ මෙවැනි ප්‍රතිචාරයක්.
"ක්‍රිකට් ආයතනයේ මැදිහත්වීමෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකළ ඉල්ලීම මම අගය කරනවා. නමුත් මම මේ ඉල්ලීම දකින්නේ ක්‍රිකට් ආයතනය තමාව පාවිච්චි කිරීමට කළ වංක කපටි උත්සහයක් ලෙසයි. මහේල කී පරිදි ඔවුන් දුන් නිර්දේශ බලධාරීන් ක්‍රියාත්මක නොකිරීම නිසා ක්‍රිකට් ආයතනයේ සහ අදාළ ක්‍රියාවලිය (system) මම විශ්වාස කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අන්තිම අඩියට කඩා වැටෙනකම් හිටපු ක්‍රීඩකයින්ගේ උපදෙස් ගැනීමට මතක් නොවීම ගැන කනගාටු වනවා. ක්‍රීඩා පරිපාලනය ගැන විශ්වාසයක් සහ අව්‍යාජ බවක් ගොඩනැගෙන තුරු ජාත්‍යන්තර මට්ටමේ පුහුණුකරුවකු ලෙස කාර්ය බහුලව වී සිටින මම ඔවුන් සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ.