Gossips

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.බී.පී. හේරත්ගේ සේවය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පියවර ගෙන තිබෙනවා.
ක්‍රීඩා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද (05) ආරම්භ වන දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලාංකික ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 84 දෙනාට සහ ක්‍රීඩා උපදේශකයන් 15 දෙනාට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව අපොහොසත්වීම මීට හේතුව බවයි.
සේවය අත්හිටුවීමට අදාළ උපදෙස් අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දුන් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අද (05) ආරම්භ වන ක්‍රීඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සහ උපදේශකයන් ඊයේ (04) නවාතැන්ගෙන සිටි නේවාසිකාගාරයේ විදුලිය සහ ජල පහසුකම් නොමැතිවීම හේතුවෙන් ඔවුන් අපහසුතාවට ලක්වූ බව සඳහන්.